Friday, May 17, 2024

General line - 0115112241

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන්ගෙන් අය කෙරෙන දඩ මුදල් වෙනස් වෙයි




වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයින්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අය කරනු ලබන අමෙරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීමට ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන නියෝගවලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 07 ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන්ගෙන් දඩ අය නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

අතිවාස කාලසීමාව දින 07 කට වැඩි සහ දින 14 ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා අමෙරිකානු ඩොලර් 250 ක දඩ මුදලක් අය කිරීමටත් වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 14 කට වැඩි කාලයක් සඳහා අමෙරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමටත් එම උපදේශක කාරක සභාවේදී අනුමැතිය හිමිවී තිබෙනවා.