Friday, May 17, 2024

General line - 0115112241

ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ




අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේදී අද සිදු කෙරුණු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.

පසුගිය වසරේ මාර්තු 17 වන දින සිටි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම මගින් වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන දහසක මුදලෙන් මේවනවිට අමෙරිකානු ඩොලර් මිලියන 576 යි දශම 7 යි 5 ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර තිබෙනවා.

ඉදිරි වසරක කාලය තුළ මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඇතුළත්ව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.