Friday, May 17, 2024

General line - 0115112241

අතර මග නතර කෙරුණු මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති ගැන සුබවාදී බලාපොරොත්තුවක්




මාර්ග සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර වීම හේතුවෙන් ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා අවම කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් වන තෙක් එම මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිවල කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණය මුදලක් ලබාදීමට එකග වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.