Saturday, April 20, 2024

General line - 0115112241

ණය සම්බන්ධයෙන් අමෙරිකාවේ තීරණාත්මක ඡන්ද විමසීමක් අද




ණය පැහැර හැරීම වළක්වාගැනීමේ අමෙරිකාවේ තීරණාත්මක ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර ජනාධිපති ජෝ බයිඩ්න් හා එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක්ද ඇතිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඊට රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ද විරෝධය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුමන විරෝධතා පැවතියද අද දිනයේ අදාළ යෝජනාව සම්මත වනු ඇති බව බොහෝදෙනෙකුගේ විශ්වාසයයි.

ඒ අනුව එය අනුමැතිය සඳහා සෙනට් සභාවට යොමුකරනු ඇති. 

අදාළ යෝජනාව යටතේ අමෙරිකාවේ ණය සීමාව අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 31 යි දශම 4 ක් දක්වා ඉහළ නංවාගනු ඇති.

එසේ කර ගැනීමට නොහැකිවුවහොත් ජූනි මස 05 වනදා වනවිට භාණ්ඩාරය හිස්වනු ඇති බවට එරට භාණ්ඩාගාරය අනතුරු අඟවා තිබුණා. 

1960 වසරේ සිට අමෙරිකානු ඉතිහාසයේ ණය සීමාව ඉහළ නංවා ගන්නා 78 වන අවස්ථාව මෙයයි.