Wednesday, April 24, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික බෲනෝ රිමාන්ඩ්

උදය කුමාර




නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරක බෲනෝ දිවාකර එළඹෙන 7 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගැණුනා.