Friday, March 29, 2024

General line - 0115112241

රජයේ විශේෂඥ වෛද්‍යවරු අනිවාර්්‍ය විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

උදය කුමාර




රජයේ විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

වෛද්‍යවරු 176 දෙනකු ඇතුළු පිරිසක් විසින් එම විරෝධතා ගොනුකර තිබුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

ඒ අනුව අදාළ පෙත්සම් ජුනි මස 6 වනදා විභාගයට ගැනීමට විනිසුරුවරුවරයා නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අදාළ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.