Friday, March 29, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද දෙවන දිනටත්




පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය අදයි.

ධාතු නමස්කාරය පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදීයි.

ඵ් අනුව සැදැහැවතුන්ට අද පෙරවරු 07 සිට ධාතු නමස්කාරය සදහා ඉඩ වෙන් කර දී තිබෙනවා.

හෙට රාත්‍රිය දක්වා මහරගම ජාතික තරුණසේවා සභාවේදී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ඔබට හැකියාව පවතිනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පුරා දින 18ක් මෙම අසිරිමත් මහා පිංකම පැවැත්වෙන බවයි කූරගල රජමහා විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ. 

මහරගම ජාතික තරුණසේවා සභාවෙන් පසු ජුනි මස 05 වනදා දහවල් සිට ජුනි මස 08 වනදා පෙරවරුව දක්වා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව උදාවෙන්නේ පැල්මඬුල්ල, රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමයේදීයි.

මේ ඒ පිලිබදව සහ නෙත් එෆ් එම් රේඩියෝව එක්ව සංවිධාන කරන පැල්මඩුල්ල පොසොන් මිහිර වැඩසටහන පිළිබද අදහස් දැක්වූ රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමාධිකාරි පූජ්‍ය හුණුවල සද්ධානන්ද හිමියන්.


නෙත් ඔබගේම ශ්‍රාවක දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රජ මහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩ වසන උතුම් වූ සර්වඥධාතුන් වහන්සේ, කේෂ ධාතූන් වහන්සේ සහ විසි නමක් වූ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ ඔබට වන්දනා කිරීමට මෙහිදී අවස්ථාව සැලසෙනවා. 

පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සදහා බැතිබර දායකත්වය ලබා දෙන්නේ වටවල රන් කහටයි.