Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන ඇණවුම් කිරීම ගැන පිරවුම්හල් හිමියන් තීරණයක් ගනී




මේ වන විට පවතින ඉන්ධන පෝලිම් අදත් පවතිනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කුසුම් සදනායක පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇණවුම් කිරීම අඩු වීම මෙම තත්ත්වයට හේතුව බවයි.


කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත්වුවද ග්‍රාමිය ප්‍රදේශවල තත්ත්වය යථා තත්ත්වයට පත්වීමට තවත් දිනක් ගතවනු ඇතැයි ඔහු පැවසුවා.


මේ අතර අද සහ හෙට දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත බලධාරින් උපදෙස් ලබා දී තිබෙනවා.