Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 207කට ජීවිත අහිමි වෙයි




ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 207 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් තවත් පුද්ගලයින් 900 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් සීඝ්‍රගාමී දුම්රිය පිීලි පැනිීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගයේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්ද අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කළ තවත් දුම්රියක් එහිදී අනතුරට ලක්ව තිබෙනවා.

ඔඩිෂා ප්‍රධාන ලේකම් ප්‍රදීප් ජෙනා පවසන්නේ ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යොමුකළ බවයි. එම දුම්රිය අනතුර සම්බන්ධයෙන් ශෝකය පල කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අනතුරට පත් වූවන් මුදා ගැනීම සදහා අවශ්‍ය සියළු පියවර ගන්නා බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.