Thursday, April 25, 2024

General line - 0115112241

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්




නිරිතදිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

සබරගමුව පළාතේ  සහ ගාල්ල, මාතර මෙන්ම කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.