Friday, April 19, 2024

General line - 0115112241

ව්‍යාජ 5000 නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට




මහියංගණය නගරයේදී ව්‍යාජ 5,000 නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.