Wednesday, April 24, 2024

General line - 0115112241

දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක්ම සැදැහැවතුන්ගෙන් පිරී යයි

පර්සි කුරුනේරු, ටී.කේ මහින්ද,රවීන්ද්‍ර චන්ද්‍රලාල් 




දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ මේ වන විටත් සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබෙනවා.

මිහින්තලා රජමහා විහාරස්ථානය, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රධාන අටමස්ථානය මෙන්ම තන්තිරිමලේ විහාරස්ථානයට දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන් පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පර්සි කුරුනේරු පැවසුවේ.


ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සදහා අද උදෑසන සිටම බොහෝ  සැදැහැවතුන් පැමිණෙමින් සිටින බව මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර කියා සිටියා


පොසොන් පොහොය වෙනුවෙන් ගාල්ල සහ අවට ප්‍රදේශවලද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බවයි ගාල්ල නෙත් නිවුස්  වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.

 

මාතර සහ අවට නගරවල තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්දගෙන්.


මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අතරින් වැඩිම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළයි. 

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ 05  මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේදීද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පතිනිය සුමේධා ජයවීර.  


පානදුර ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන බත් දන්සල අද දහවල් 12.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි.

එම බත් දන්සල පැවැත්වෙන්නේ පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදීයි.