Monday, May 20, 2024

General line - 0115112241

ලොව උසම නත්තල් ගස ගාලුමුවදොරට(PHOTOS)




ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කරමින් මෙක්සිකෝව තබා ඇති ලෝක වාර්තාවට බිඳ දැමීමට වරාය අධිකාරියේ බෞද්ධ සංගමය සිය අනුග්‍රහය ලබා දී තිබෙනවා.

වාර්තාව බිඳ දමමින් ලොව උසම නත්තල් ගස ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කිරීම සඳහා අර්ජුන රණතුංග අමාත්‍යවරයා මංගල පස්පිඩැල්ල කැපීම අද(18)පෙරවරුවේ සිදු කළා.

මෙක්සිකෝව ඉදිකර ඇති නත්තල් ගසේ උස අඩි 295ක් වනවා.

“ආගම, ජාතිය විකුණා තමන්ගේ බඩගෝස්තරය රැක ගන්න පාර්ලිමේන්තුවේ සිටින සමහර මන්ත්‍රීවරුන්ට මම කියන්නේ රටත් සමග සෙල්ලම් කිරීම නතර කරන්න. අද අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් සමඟ සාර්ථක ගමනක් යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළා.

a1 a3 a2