Saturday, April 20, 2024

General line - 0115112241

ලෝකයේ වඩාත්ම දූෂිත නගරය නිව්‍ යෝර්ක්




අමෙරිකාවේ නිව්‍ යෝර්ක් නගරය ඉකුත් අඟහරුවාදා රාත්‍රිය වනවිට ලෝකයේ වඩාත්ම දූෂිත ප්‍රධාන නගරය බවට පත්ව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ කැනඩාවේ පැතිර යන ලැව්ගිනිවලින් පිටවන දුමාරයෙන් නගරය වැසී යාමයි.

ඒ අනුව නගරයේ පරිසර දූෂණ මට්ටම් "සෞඛ්‍යයට අහිතකර" පරාසයක පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව සමාගමට අනුව නිව් යෝර්ක් වේලාවෙන් අගහරුවාදා අලුයම 1:25 ට එම නගරයේ වායු ගුණ තත්ත්වය ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියට සහ ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට වලට වඩා වැඩි අගයකින් පහළ ගොස් තිබුණු බවයි වාර්තා වන්නේ.

අනෙකුත් උතුරු ඇමරිකානු නගර ද පෙර නොවූ විරූ ලැව්ගිනිවලින් දුමාරයෙන් වැසී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.