Friday, March 29, 2024

General line - 0115112241

රුසියාව යුක්රේනයේ සැගවූ බිම් බෝම්බ ගංවතුරේ පාවෙයි




වේල්ලක් පුපුරුවා හැරීම හේතුවෙන් හටගත ජල ගැලීම්වලින් මේවනවිට රුසියානු පාලනය යටතේ ඇති යුක්රේනයේ කර්සන් නගරයේ ගම්මනා 30 ක් පමණ සම්පූර්ණයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ගංවතුර ආපදාව මධ්‍යයේ නගරය තුළ සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීම සඳහා තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල වැසියන් උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ පා සිටිනවා.

යුක්රේන හමුදාව විසින් ගුවනින් ජල බෝතල් බෙදා හරින බව ද සඳහන්. 

මේ අතර රුසියාව චෝදනා කරන්නේ අඛණ්ඩව එල්ල කරන ශෙල් ප්‍රහාර හමුවේ ඔවුන්ගේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල කර ඇති බවයි.

එමෙන්ම ජලයේ පාවෙමින් ඇති බිම් බෝම්බ සම්බන්ධයෙන් රතු කුරුස සංවිධානය බිය පළ කරනවා.

එම සංවිධානය පවසන්නේ පාවෙමින් එන බිම් බෝම්බ සුන්බුන්වල ගැටී පුපුරා යාමේ අවධානමක් පවතින බවයි.