Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රංශයේ උද්‍යායනයක පිහි ඇනුමක්




ප්‍රංශයේ ඇනෙසි ප්‍රදේශයේ උද්‍යානයක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පිහි ඇනුමෙන් දරුවන් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර ඉන් දරුවන් දෙදෙනෙකුගේ හා තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

පිහි ඇනුම් ප්‍රහාරයට සම්බන්ධ 31 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සිරියාවේ සිට පැමිණි සරණාගත පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලීසිය කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් අදාළ සැකකරු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට මෙතෙක් අනාවරණ වී නැහැ.