Saturday, April 20, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට දෙණියායේ දිගු පෝලිම්




පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට මේ වන විට ද දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා.

ඵ් පිලිබද නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්. 

දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරෙන ධාතූන් වහන්සේ  ජුනි 11 වනදා පස්වරුවේ යටිහෙලගල රාජමහා විහාරස්ථානයට වැඩම කරවනු ලබනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම් මාලාව සඳහා ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර දායකත්වය ලබා දෙනවා.