Thursday, April 18, 2024

General line - 0115112241

චීනය නිසා අමෙරිකාව කියුබාව සමග පැටලෙයි




කියුබාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට එරෙහිව චීනය අද එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ කියුබාවේ ඔත්තු කඳවුරක් පිහිටුවීමට සැලසුම් කරන බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර වශයෙන්.

විද්‍යුත් සන්නිවේදනවලට සවන්දීමට ඉඩ සලසන නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියුබාව තුළ ඉදිකිරීම සඳහා චීනයට අවසර දීමට කියුබාව එකඟවී ඇති බවත් අමෙරිකාව මෙම සැලැස්ම පිළිබඳ දැනුවත් වී ඇත්තේ පසුගිය සති කිහිපය තුළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

ඒ  අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් 

කෙසේ වෙතත්  එක්සත් ජනපද නිලධාරීන්ගේ අදහස් මත පදනම් වූ මාධ්‍ය වාර්තා, කියුබාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා විසින් ප්‍රතිෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ  කියුබාව පිළිබඳ එක්සත් ජනපද ප්‍රතිපත්තිය විවේචනය කිරීමට පෙර ඔහු තත්වය පිළිබඳව නොදැන සිටි බවත් කටකතා සහ මඩ ප්‍රචාරය කිරීම එක්සත් ජනපදයේ පොදු උපක්‍රමයක් බවයි.

තවද එක්සත් ජනපදය තමන් ගැන බලාගත  යුතු අතර නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය යටතේ කියුබාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නතර කළ යුතු බවත් කියුබාවට එරෙහි ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක වහාම අවලංගු කළ යුතු බවද ඔහු සඳහන් කාර් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.