Wednesday, May 15, 2024

General line - 0115112241

ලංකාවේ නතාෂා මෙන් අමෙරිකාවේ ජොසලින් ලෝකය කළඹයි




ඉකුත් සමයේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ප්‍රහසන ශිල්පිණියක් වන නතාශා එදිරිසූරිය මෙන් අමෙරිකාවේ ප්‍රහසන ශිල්පිණියක් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මෙලෙස ආන්දෝලනයක් ඇති කර ඇත්තේ අමෙරිකානු එක්සත් ජනපද පුරවැසියෙකු වන ජොසලින් චියා නමැති ප්‍රහසන ශිල්පිනියයි.

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ අතුරුදන් වූ ඵ්‍ය 370 මැලේසියානු ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඇය සිදුකළ විහිළු සහගත ප්‍රකාශයක් මෙම ආන්දෝලනයට හේතුවී තිබෙනවා.

ඒ අනුව ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා මැලේසියාව ජාත්‍යන්තර පොලිසියේ ද සහාය පතා ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

පොලිසිය පැවසුවේ ජොසලින් චියා සම්බන්ධයෙන් මැලේසියානු නීතිය යටතේ වරදක් සිදුකිරීම සහ අහිතකර අන්තර්ජාල අන්තර්ගතයන් මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි. පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරන ලද ඇගේ ප්‍රකාශයට මැලේසියාව නිල වශයෙන් විරෝධයක් පළ කළා. 

2014 මාර්තු මාසයේදී ක්වාලාලම්පූර් සිට ගුවන්ගත වීමෙන් පසු ඵ්‍ය 370 යානය අතුරුදන් වූ අතර අවුරුදු 04 ක් සෝදිසි කළද යානයේ ප්‍රධාන බඳ කොටස සොයා ගැනීමට නොහැකි වුණා. එහි ගමන්ගත් මගීන් 239 දෙනෙකු මියයන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම අනතුර හුවාදක්වමින් අමෙරිකාවේ ප්‍රහසන ශිල්පිණියක් වන ජොසලින් චියා පවසා තිබුණේ මැලේසියානු ගුවන් යානාවලට ”පියාසර කළ නොහැකි” බවයි.

මැලේසියානු ගුවන් යානා අතුරුදහන් වීම හාස්‍යජනක නොවන බවද ඇය පවසා තිබුණා.

මැලේසියාව තවමත් ” සංවර්ධනය” වෙමින් පවතින අතරතුර සිංගප්පූරුව ”ලෝකයේ ප්‍රධාන රටක්” ලෙස ඉහළට ගොස් ඇති බව ද ඇය කළ ප්‍රකාශයේ සඳහන්.

එය කෙටි කලක් එකම රටක කොටසක් වූ සිංගප්පූරුව සහ මැලේසියාව අතර ඓතිහාසික එදිරිවාදිකම් පිළිබඳ ප්‍රකාශයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ පිළිබඳ මැලේසියාවේ කැළඹීමක් ඇතිවීමත් සමඟ වෛරී කථන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් ලෙස උපුටා දක්වමින් මෙම වීඩියෝව ඉවත් කිරීමට ඔසනඔදන සමාජ ජාලයද කටයුතු කළා.

අමෙරිකාවේ මැන්හැටන් හි ‘කොමඩි සෙලර්‘ නම් ස්ථානයේදී ජොසලින් චියා ඉකුත්දා සිදුකළ මෙම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පසුව සමාජ මාධ්‍යයේ පළ කිරීමත් සමඟයි එය මේ වන විට රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග ගොස් ඇත්තේ.