Tuesday, May 14, 2024

General line - 0115112241

ONLINE ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට




මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කෙරෙනවා.

ඒ, හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදීයි.

එබැවින් අද පස්වරු පහෙන් පසු නව සේවාව ලබාගැනීම සඳහා එක්විය හැකි බවයි ආගමන - විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය නෙත් නිවුස් වෙත පැවසුවේ.

නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මකයි.