Tuesday, May 14, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වයේ අයදුම්පත් ගැන දැනගන්න දුරකථන අංක කිහිපයක්




2023 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් යොමු කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් විභාග දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 0112 784 537, 0112 786 616, 0112 784 208 හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකියි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන අතර ඊට අදාළ අයදුම් පත්‍ර කැඳවීම අද සිට ජුලි 06 දක්වා සිදුකෙරනු ඇති.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.