Tuesday, May 14, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස්පර්ල් පෙත්සම ගැන තීන්දුවක් ගන්න අගවිනිසුරුට යොමු කරයි




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම අගවිනිසුරුවරයා හමුවට යොමු කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කර තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූ ධීවරයන්ට වන්දි ගෙවන නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

අදාළ පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

අදාළ පෙත්සම් ජූනි මස 10 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට අදාළ ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බව නියම කළා.