Wednesday, May 15, 2024

General line - 0115112241

සියලු උණ රෝගීන්ට දැනුම්දීමක්




ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා විය යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා.

රෝහල් අවට ප්‍රදේශයන්හි ඩෙංගු පාලනයට වෙනමම මාර්ගෝපදේශ සකස් කරන ලෙසටද රාජ්‍ය අමාත්‍යවරිය ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දුන්නා.

ඒ, එම විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර පළාත් අනුකමිටුවේදීයි.

දින කිහිපයක් ඇතුළත ඩෙංගු පාලනයට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.