Sunday, May 12, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ධීවර කටයුතු සිදු කළ 26 දෙනෙකු නාවික හමුදා භාරයට




නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 26 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, ලංකාපටුන වෙරළ තීරයේ සහ මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුම්වලදීයි.

රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකිරීම හේතුවෙන් එම පිරිස සමඟ ඩිංගි යාත්‍රා නවයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එම පුද්ගලයින් මන්නාරම, කින්නියා සහ චීනවරාය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.