Saturday, May 11, 2024

General line - 0115112241

වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය පහළට




මෙම වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය ඍණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 11යි දශම 5ක ඍණාත්මක වර්ධනයක් වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

2022 වසරේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන තිස්පන් ලක්ෂ 19,400ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදනය මෙම වසරේ පළමු කාර්තුවේ රුපියල් මිලියන තිස් එක් ලක්ෂ 14,187ක් ලෙස පහත වැටී තිබෙනවා.  

මේ අතර, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අද යළි ඉහළ ගියා. එහි විශේෂත්වය වන්නේ බොහෝ බැංකුවල ඩොලරයේ විකුණුම් අගය අද වන විට 330 සීමාවට පැමිණ තිබීමයි.

එලෙස අමෙරිකානු ඩොලරයේ අගය 330 සීමාවට පැමිණියේ ඉකුත් මාර්තු මස 21 වනදායින් පසු පළමු වරටයි. අමෙරිකානු ඩොලරයේ අගය යළි ඉහළ යාම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස අදහස් පළ කළා.