Sunday, May 12, 2024

General line - 0115112241

ලංගම කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමණාකරු අත්අඩංගුවට




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමණාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර ලංගම ඩිපෝ පරිශ්‍රයේදී රියදුරෙකුගෙන් රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදීයි.

පානදුර ඩිපෝවෙන් පිටත මාර්ගයේ රාජකාරියේ යෙදවීම සඳහා කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමණාකරු විසින් රියදුරාගෙන් එම මුදල ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

එම රියදුරා සිදුකළ පැමිණිල්ලකට අනුවයි අදාළ කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.