Saturday, May 11, 2024

General line - 0115112241

ඖෂධ වර්ග 60 ක මිල අද සිට පහළට




අද සිට ඖෂධ මිල අඩු කෙරෙනවා.

ඒ අනුව, ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල අඩුවන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදි සියයට 97 ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණා.

කෙසේවෙතත් රජය විසින් අනුගමනය කරන වත්මන් ආර්ථික ස්ථායිකරණ වැඩසටහනේ ප්‍රතිපලයක් ලෙස රුපියල ශක්තිමත් වීම හමුවේ එලෙස ඖෂධ මිල පහළ දැමීමමටයි පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.  

එලෙස මිල අඩු කෙරෙන ඖෂධ වර්ග 60හි නව මිල ගණන් ඇතුළත් ගැසට් නිවේදනයද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් ජනතාව සහ ඔසුසැල් හිමියන් පවසන්නේ වෙළඳපොළේ ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවයි.

රජයේ රෝහල්වලට ඖෂධ ලබාගැනීමට ගියද ඇතැම් අවස්ථාවලදී බාහිර ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නා ලෙස වෛද්‍යවරුන් පවසන බවයි ජනතාව පවසන්නේ.

කලක් තිස්සේ පවතින ඖෂධ හිඟයට මේ වන විටද සම්පූර්ණ වශයෙන් විසදුම් ලැබී නොමැති බව ඔසුසැල් හිමියන්ද පැවසුවා.