Sunday, May 12, 2024

General line - 0115112241

කථාබහක් මතුව ඇති කුරුන්දි හා තිරියාය විහාර ඉඩම් ගැන තවත් තීරණයක්




පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කර වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 2000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා ඇතැයි සඳහන්.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් වලින් මෙලෙස විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමේ පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා අදාල අංශ වෙත නියෝග කර ඇත්තේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට යුරෝපා සංචාරයකට සහභාගී වීමට මෙම කමිටුව පත් කරනු ඇතැයි වාර්තා වනවා.