Sunday, May 12, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු බත්තරමුල්ලේදී අත්අඩංගුවට




තලංගම, බත්තරමුල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තලංගම පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 200 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

තලංගම උතුරු ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුලු පස්දෙනෙකු මාවනැල්ල, මීගමුව හා දෙහිවල යන ප්‍රදේශවලදී ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.