Sunday, May 12, 2024

General line - 0115112241

මිරිස්හේන ධීවර ගම්මානයේ සිදුවූ අභිරහස් ඝාතනයක් ගැන පරීක්ෂණ.




මැදිරිගිරිය, මිරිස්හේන ධීවර ගම්මානයේදී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම කාන්තාවට කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ.

ඇය සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

ඊට අමතරව පනාමුර, කෝන්කටුව ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර කල්පිටිය, තලවිල මුහුදු තීරයේදී පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.