Saturday, May 11, 2024

General line - 0115112241

“සිව් මහා ගංගා සිප ගලන ධරණීය තලයක් උරුම මෙබිමෙහි සාරය ලොව කිසිදු රටක නොමැති උරුමයකි”




                                                                ආචාර්ය චාමින්ද පී.කල්පගේ

                                                                      -ව්‍යාපාර උපදේශක -

“සිව් මහා ගංගා සිප ගලන ධරණීය තලයක් උරුම මෙබිමෙහි සාරය ලොව කිසිදු රටක නොමැති උරුමයකි”.පෙරදිග ධාන්‍යාගාරය” නමින් දුරාතීතයේ සිට විරුදාවලි ලද ලංකා දීපය අතීත රජ දවසේ පටන් විදේශික ආක්‍රමණයන්ට වුව ගොදුරු වුවේ නිමක් නැති මෙබිමෙහි වටිනාකම විනාය.

                                   සිව් දෙසින් ලංදීපය වටා පවුරු බැදී සාගරයකින් වටවූ පෙරදිග මුතු ඇටය නමින් විරුදාවලි ලැබුවේද මෙබිමයි.කරදියෙන්,මිරිදියෙන් පෝෂිත මෙබිම වෙනත් කිසිදු රටකට සම කළ නොහැකි සාර භූමියක් වුයේ එකී වටිනාකම විනාය.මුතු,මැණික් සපිරි මෙබිම වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා වූ පිං බිමක් වනවා නිසැකය.

                                  සේද මාවතේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා තිබෙන මෙබිමෙහි ඇති ආර්ථික වටිනාකම මේසා යැයි කිව නොහැකි තරම්ය.ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තීන් අතර භුමියෙහි පිහිටීම ප්‍රභලතම අවියකි.

භූගෝලීය පිහිටීම

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙන් පිහිටා ඇති දුපත් රටක් වන  අතර පෝක් සමුද්‍ර සන්දිය මගින් ඉන්දියා අර්ධද්වීපයෙන් වෙන් වී ඇත.එය අක්ෂාංශ 5 55 ත්  9 51 N සහ දේශාංශ 79 41 සහ 81 53 E අතර පිහිටා ඇති අතර උපරිම දිග සැතපුම් 268 (432 KM )සහ උපරිම පළල සැතපුම් 139 (224 KM )වේ.

පුරාණ ග්‍රීක භූගෝල විද්‍යා{යින් අප රට හැදින්වුයේ “සෙරන්ඩිබ්” යනුවෙනි.පසුව යුරෝපීය සිතියම සාදන්නන් එය ‘Ceylon ‘ ලෙස හැදින්වූ අතර, තවමත් වෙළද කටයුතු වලදී එය භාවිතා වේ.නිල වශයෙන් 1972 දී ‘ශ්‍රී ලංකාව’ බවට නාමය පත්විය.

ක්‍රි.ව .1505 සිට 1656 දක්වා ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් කිහිපයක්  පෘතුගීසීන්ගේ පාලනයට යටත් විය.ඉන් පසුව 1656 සිට 1796 දක්වා කාලය තුළ ලන්දේසීන්ගේ පාලනයට යටත් විය.අවසාන වශයෙන් 1796 සිට 1948 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය පාලනයට නතු විය.ඉහත කී ලක්දීපයේ වටිනාකම් නිසාම මෙලෙස විදේශ ආක්‍රමණයන්ට නතු විය.

එලෙසම එවකට පටන් සේද මාවත හරහා ගමන් ගන්නා වෙළදුන්ගේ ඇසගැටෙනා ප්‍රභලම මධ්‍යස්ථානය  වූ ශ්‍රී ලංකාව හෙවත්, සේද මාවතේ මධ්‍යස්ථානයට වෙළදාම සදහා බොහෝ රාජ්‍යයන්ගේ සංක්‍රමණය සිදු විය.එපමණක් නොව ඉතිහාසයේ විවිධ කාලවලදී වෙළදාම සහ තවත් නොයෙකුත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා ද්‍රවිඩ ජනතාවක්,මුස්ලිම් ජනතාවත් ශ්‍රී ලංකාවට සංක්‍රමණය විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකික ජන සමාජය විවිධ ආගමික,ජාතික,සංස්කෘතික අංගයන්ගෙන් යුතු රටක් බවට පත්විය.විශේෂයෙන්ම ආක්‍රමණ හා සංක්‍රමණ වලදී ලංකාවට පැමිණි අය තම ආගම,භාෂාව,සංස්කෘතික ලක්ෂණ ශ්‍රී ලංකාවට රැගෙන ආහ.මේ සියල්ලේම අවසානාත්මක ප්‍රතිඵලය වුයේ ශ්‍රී ලංකාව බහු ආගමික,බහු වාර්ගික,බහු සංස්කෘතික සමාජයකට නතු වීමයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානය වූ හා ශ්‍රී ලංකාවේ විධායක සහ අධිකරණ අගනුවර ලෙස ‘කොළඹ පවතී’. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ව්‍යවස්ථාදායක අගනුවර වේ.පරිපාලන කටයුතු සදහා රට පළාත් නවයකට බෙදා දිස්ත්‍රික්ක 25 කට බෙදා ඇත.

 සානු,කදු වැටි,කදු මුදුන් අන්තර් කදුකර,ද්‍රෝණි ,නිම්න,ගංගා ඇළ දොළ අද්විතීය ස්වභාවික සම්පත් සපිරි භූමියකි.ශ්‍රී ලංකාවේ උසම කදු වන පිදුරුතලාගල,කිරිගල්පොත්ත,ආදම්ගේ කදු මුදුන (ශ්‍රී පාදය) මෙන්ම වඩාත්ම දර්ශණීය වන ඊනියා ලෝකාන්තය සිරස් ප්‍රපාතයකි.එමෙන්ම සමනොළ කදු සිරසෙන් ආරම්භ වන්නා වූ මහවැලි,කැළණි,කළු,වලවේ යන ගංගා ගලා බසිනුයේ මෙකී පෙරදිග ධාන්‍යාගාරයෙහි භුමිය සිව්දෙසින් සරුසාර කරමිනි.

ශ්‍රී ලංකාවේ ජලප්‍රවාහනය ගංගා 100 කින් පමණ සෑදී ඇත.ඒ අතුරින් ප්‍රධාන ගංගා 12 කි.

ප්‍රධාන කෘෂිකාර්මික රටක් බවට පත් වීමට, මෙකී භූමිය බහුවිධ පසකින්  සමන්විත වේ.මෙකී පසෙහි  විචල්‍ය කෙරෙහි රටෙහි දේශගුණික බලපෑම් සෘජුව බලපා ඇත.ඒ අනුව,

තෙත් කලාපයේ රතු කහ (පොඩිසොලික් පස ),වියළි කලාපයේ රතු දුඹුරු පස (ලෝමපස ),මධ්‍යම කදුකරයේ රතු දුඹුරු (ලeටොසොලික් පස හෝ මැටි ලෝම පස ඇත.(ගංගාවල)පහළ මාවත් දිගේ ඇළ වියල් පස සහ වෙරළබඩ මාර්ගවල වැලි සහිත පස් වේ.මෙකී බහුවිධ පස නිසා ඕනෑම බෝගයක් ලක් දීපයේ කිනම් හෝ ප්‍රදේශයක වගා කටයුතු සිදු කළ හැකි සරුසාර  භූමියක් හිමි රටක් බවට පත් වී ඇත.

ඉතා ඉක්මනින් උදාවන සෘතුන්ගෙන් සමන්විත වාසනාවන්තම රටකි.දේශගුණය අතින් ඉතා වාසනාවන්ත වනුයේ fදෙනිකව සුළු කාල වේලාවක් තුල දේශගුණය වෙනස් වන්නා වූ සත්ව  පැවැත්මට ඉතාම හිතකර දේශගුණික කලාපයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබීමයි.මෙකී සාධකයෙහි  මත කොතරම් විදේශිකයන් ප්‍රමාණයක් ලංකාව වෙත ආකර්ෂණ වන්නේ සෘතු ගත කිරීමට පැමිණෙන විදේශිකයන්  මත ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙහි ප්‍රවර්ධනයක් වර්ෂයෙහි ඇතැම් කාලවල ඇති වන්නේ මෙකී සාධකය මත වේ.

ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්ෂලතාදිය මුළු භුමි ප්‍රමාණයෙන් 1/3 ක් පමණ ආවරණය කරයි.පිරිසිදු Oxeygen සහිත මිනිස් සහ සත්ව ගහණයට  ඉතා හිතකර වායුගෝලයක් හිමි රටකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික තුනකි.සිංහල,දෙමළ,මුස්ලිම්,වේ. තවද ශ්‍රී ලංකාව තුල මිශ්‍ර නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ.මෙකී බහු විධ ආගම් අනුව මෙන්ම ප්‍රාදේශීය වශයෙන් බලපැවැත්වෙන නීති සමුදායකින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සැකසී ඇත.

ආර්ථික හා ස්වභාවික සම්පත  

නං දෙසින් හමන සුළග සමකයට ආසන්නව පිහිටීම මත ඇති හිරු එළිය තව තවත් රටෙහි ආශ්චර්ය මෙන්ම ආර්ථිකමය වටිනාකම ඔප නංවන්නේය.



ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික ක්‍රමෝපාය වනුයේ කෘෂිකර්මාන්තයයි.බැංකුකරණය සහ වාණිජ කටයුතු බොහෝ විට වැවිලි කෘෂිකර්මාන්තයට අනුබද්ධ විය.විදේශීය ඉපයීම් ප්‍රධානතම අපනයන බෝග වනුයේ තේ,රබර්,පොල් වේ.

 

නිදහසින් පසු පළමු දශක තුන තුළ සංවර්ධන ප්‍රතිපත්ති  තේමා දෙකක් කෙරෙහි අවධානය යොමු කරන ලදී.එනම්,

 *සමාජ සුභ සාධනය තුලින් සාධාරණත්වය සහ

 *දේශීය නිෂ්පාදනය සමග ආනයනය වැඩි දියුණු කිරීමයි.

ආහාර සදහා රජයේ මිළ සහනාධාර,පාරිභෝගික භාණ්ඩ සදහා ව්‍යවස්ථාපිත මිළ පාලනය සහ රජය විසින් නිදහස් අධ්‍යාපනය සහ පොදු බස් සේවා සැපයීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

නිෂ්පාදනය උත්තේජනය කිරීම සහ ආනයනය සදහා විවිධ සීමා පැනවීම ආනයනය ආදේශන ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග විය.

ශ්‍රී ලංකාවේ මැණික්, මිනිරන් ,රත්‍රx ,මුතු ,ඉල්මනයිට් ,යපස්,හුණුගල්,ක්වාර්ට්ස්,මයිකා කාර්මික මැටි සහ ලුණු වැනි ඛනිජ සම්පත් විභවය විශාල රටකි.කුඩා නමුත් වානිජමය වශයෙන් නිස්සාරණය  කළ හැකි ෆෙරස් නොවන ලෝහ සහ ටයිටේනියම්,මොනසයිට් සහ සර්කෝන් වැනි ඛනිජ වර්ග ප්‍රදේශ කිහිපයක වෙරළ වැලි වල අඩංගු වේ.ෆොසිල ඉන්ධන ද බටහිර වෙරළ තීරයේ වගුරු බිම් වල දක්නට ලැබෙයි.

මෙකී සියලුම ඛනිජ සම්පත් විභවයකින් අනූන අප රටේ ක්ෂරීය භාවයෙන් ප්‍රයෝජන නොගන්නේ මන්ද @කෘෂි කර්මාන්තය ප්‍රධානතම ජීවනෝපාය වූ ශ්‍රී ලංකාවේ කෘෂි අපනයනය දිරිමත් කිරීම තුලින්ම ස්ථාවර භාවයකට පැමිණීමට හැකියාව ඇති රටකි.”ලොවටම බත සැපයිය හැකි රට ශ්‍රී ලංකාවයි .”යන පුරාණ  කියමන තුළින්ම එය ගම්‍ය වේ.

රටේ මිනිසුන් තුල යැපුම් මානසික තත්වයක් ඇති කිරීම රටට සහ මිනිසුන්ටද වක්‍රාකාරයෙන් කරන අගතියකි.මිනිසුන්ට සුභ සාධනය සැපයීම අරමුණු කරගෙන අඩු අදායම් ලාභී  පවුල් වෙත මුදල් ලබා දීම මගින් මුදල්  මුද්‍රණය තුලින් රුපියල තව තවත් අවපාතයට පත් වන්නා සේම මිනිසුන් තුල යැපීම් මානසිකත්වය වර්ධනය වේ. උදළු පහරෙන් භුමියෙහි  ඕනෑම තැනක බෝග වගාව සිදු කල හැකි මෙබිමෙන් රටේ බව බෝග අවශ්‍යතාවය මෙන්ම නොමිලේ මුදල් ලබා දී යැපීම් මානසිකත්වය වගේම අපනයනය ඇති කරමින් රටටද මුදල් ගලා ඒමට සැලැස්වීමට හා මිනිසුන් ශ්‍රමිකයන් බවට පත් කොට ශ්‍රම බලකාය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමට සුභ සාධන වැඩ පිළිවලක් දියත් කිරීමට කටයුතු කරනුයේ නම් එය දිගු කාලීන විසදුමක් සහ රටට වක්‍රාකාරයෙන් මෙන්ම මින්සුන් වෙත සෘජුව  සිදු කරන උන්නතියකි.

සම්පත් අතරින් ප්‍රධානතම සම්පත වන ජනසම්පතින් අනූන අප රටෙහි කර්මාන්තශාලා සීඝ්‍රයෙන් වර්ධනය වීම විනා සීඝ්‍රයෙන් වැසී යනුයේ තව තවත් ප්‍රපාතයට පත්වීමේ මංසලකුණු කරමිනි.උදාහරණ ලෙස සුඩානය වැනි අති  ශුක්ෂ වූ රටක් පෙරමුණට පැමිණියේ ඒ රටෙහි ජන ගහනයෙන්  ප්‍රයෝජන ගැනීම තුලිනි.ඇගළුම් කර්මාන්තශාලා යනු දුරාතීතයේ සිට අප රටට ඩොලර් ඉපයූ ප්‍රධානතම නිෂ්පාදනයකි.ඒ අතීතයේ සිට ඇගළුම් කර්මාන්තශාලා අප රටට ඇදී ආවේ යුරෝපය මුලික කරගෙන ඇතිවූ කාර්මික විප්ලවයත් සමග කර්මාන්තශාලා බිහි වීම තුලිනි.කර්මාන්තශාලාවන්හි සේවය සදහා පිරිමි සේවකයන් ප්‍රමාණ අඩු වීමත් සමග කාන්තාවන් වැඩ බිම් කරා ඇදී ඒමේ ප්‍රවණතාවයක් ඇති විය.එහි ද ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වැනි කාන්තා ජනගහනය වැඩි රටවල් කරා කර්මාන්තශාලා ව්‍යාප්ත විය.එමගින් රටෙහි රැකියා නියුක්තිය වැඩි  වී ශ්‍රම බලකාය වැඩි විය.මෙමගින් රටෙහි ආර්ථිකය ශක්තිමත් වීමට මෙය තෝතැන්නක් විය.එවකට මෙලෙස කර්මාන්තශාලා ලංකාවේ ව්‍යාප්ත වීම ඉන් සැදුනු ආර්ථික ,දේශපාලනමය සමාජීය හා ප්‍රතිපත්තිමය ප්‍රශස්ත වාතාවරණය පැවතුනි.

කොරෝනා වසංගත තත්වය  යටතේ වුවද රටේ ආර්ථිකයෙහි පණනල රැකි ඇගළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය හා ඇගළුම් කර්මාන්තය හරහා රටට ඉපයූ ඩොලර් මගින්  රටෙහි ආර්ථිකය අලලා වටිනාකම මේ සා යැයි කිව නොහැකිය.

රජයේ  දෙනික අයවැය පරතරය පියවා ගැනීමට ශ්‍රී ලංකාව තුල මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුධයට ප්‍රධානතම හේතුව වනුයේ දෛනික අයවැය පරතරයයි.අදායම ඉක්මවූ වියදම වර්ෂ ගණනාවක් පුරා දිගින් දිගටම ඉදිරියට ගලා ඒමත් සමග දිගින් දිගටම ණය පියවීම විනා ණය වීමට සිදු විය.එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස වර්තමානය තුල ආර්ථික අර්බුධයට මුහුණ දීමට සිදුවිය.

මෙම තත්වය පහවයන තෙක් වියදම අභිබවා අදායම වැඩි දියුණු කර ගැනීමට කටයුතු කිරීම් සදහා රාජ්‍ය අංශය මෙන්ම අත්‍යාවශ්‍ය සේවා අංශයද මෙකී වර්තමානය  තුළ අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සැලසුම් කලයුතු බව මාගේ ඒකායන මතයයි.

ශ්‍රී ලංකාවේ පැවැත්ම උදෙසා විශාල මෙහෙයක් ඉටු කරන්නාවූ අත්‍යවශ්‍ය සේවා මෙකී අවස්ථාවේ ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම කළ යුතු යැයි මාහැගේ.

ත්‍රිවිධ  හමුදාව    

ත්‍රිවිධ හමුදාවේ සියළු වියදම් /වැටුප් ආදී සියළුම අවශ්‍යතා ඔවුන්ගේ ඉපයීම මත සපුරා ගැනීමට කටයුතු කරවීම.

යුධ හමුදාව

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සියළුම අවශ්‍යතා වෙත ආරක්ෂක අංශය පෞද්ගලික අංශ හරහා ලබා ගෙන ඇත.මෙම වියදම මෙකී වර්තමානය තුල ආයතන වෙත දැරිය නොහැකි මට්ටමට පැමිණ ඇත.එලෙසම ත්‍රිවිධ හමුදාව තුළ ඉතා ප්‍රශස්ත ආරක්ෂක අංශයේ පුහුණුවීම් ලද නිලධාරී මණ්ඩලයක් වාර්ෂිකව විශ්‍රාම ලබයි.

ඔවුන්ගේ එම විශ්‍රාම මුදල (වසර 22 සම්පුර්ණ කොට නව රැකියාවක නියැලිය හැකි මට්ටමින් විශ්‍රාම ගැන්වෙන)නිලධාරීන් පෞද්ගලික අංශය වෙත වැටුපකට ලබා දී එමගින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප පියවිය හැකිය.

ආරක්ෂණය ,විනය නීති රීති සියල්ල පිළිබද ඉහළ දැනුමකින් සන්නද්ද පිරිසක් වන බැවින් ආයතන තුල විනය නීති රීතීන් සදහා ආයතන පවත්වා ගැනීමට මින් රුකුලක් වනවා සේම පෞද්ගලික අංශ වෙතද සේවක පුහුණු කාල සීමාවක් සදහා කාලය අපතේ නොයයි.

එලෙසම යුධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරී මහතුන් අර්ධ රාජ්‍ය මට්ටමෙහි ආයතන සදහා, රාජ්‍ය අපනයන සදහා,ආරක්ෂක අංශ සදහා අනුයුක්ත කිරීම තුළින් එම වැටුප් පියවා ගැනීමට කටයුතු කල හැකිය.

රාජ්‍ය අංශයේ ඉදි කිරීම්සහ නඩත්තු කටයුතු සදහා ටෙන්ඩර්  පටිපාටි තුලින් පෞද්ගලික අංශ වෙතට ලබා දීමෙන් ලංකාවෙහි ණය  ප්‍රමාණය දෙගුණ තෙගුණ වී ඇති වකවානුව විශාල ඉදිකිරීම්, සියළුම ඉදිකිරීම් හා නඩත්තු කටයුතු ගොඩ,මඩ,දිය දස්කම් පාන ත්‍රිවිධ හමුදාව වෙත ලබා දී එම නිලධාරීන් ඒ සදහා යොදවා ගැනීමෙන් නියමිත ප්‍රමිතියෙන් හා නියමිත වේලාවට එම ඉදි කිරීම් ඉටු කර ගත හැකි සේම එම නිලධාරී වැටුප් හා වියදමද ඉන් ත්‍රිවිධ හමුදාවට උපයා ගත හැකිය.

නාවික හමුදාව වෙත සියළුම වෙරළබඩ ප්‍රදේශයන්හි ධීවර කර්මාන්තය නංවා ලීමට සහය වීම සදහා අවශ්‍ය ඉඩ හසර සලසා දීමට කටයුතු සලසා දිය යුතුයි.

ගුවන් හමුදාව වෙතද Airline ආදී ලංකාවේ සෘණ මට්ටමට පැමිණෙමින් තිබෙන ගුවන් ගමන් සමාගම් සමග ඒකාබද්ධව ඒවා නගා සිටුවීම සදහා කටයුතු කිරීමට ඉඩ හසර සලසා දිය යුතුය.

රටක නෙළුමක් වී සුවද දීමට ,රටක උදා වීමට වෙර දරණ නෙළුම් කැකුළු ආරක්ෂා කල යුතුමයි.

අදාළ ප්‍රදේශයන්හි පොලිස් ස්ථානයන්ගෙන්,පොලිසිය සියළුම පාසැල්හි/පෙරපාසැල් හා විශ්වවිද්‍යාලයන්හි  ආරක්ෂක අංශ සදහා යොමු කළ යුතුය.මෙය වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මෙන්ම විශාල අර්බුදයක් වේ තිබෙන ළමා ආරක්ෂාව සැලසීම සදහාද මහත් පිටිවහලක් වන්නේය.එමගින් පොලිස් නිලධාරීන් සෑම පාසලකම යොදවා තිබීමෙන් පාසැල් තුල,විශ්වවිද්‍යාල තුල   මත්ද්‍රව්‍ය ගැටළු සෘජුවම අවම වේ.සෑම පාසලක් අසලම බලතල සහිත පොලිස් නිලධාරීන් යොදවා තිබීමේ ප්‍රතිරූපය මත මහා මාර්ග විනයද වක්‍රාකාරයෙන් ඇතිවේ.එලෙසම පොලීසියෙහි වැටුප් හා වියදම් මෙමගින් පියවා ගත හැකිය.

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය පිහිටා තිබෙන රට වුවද වරායෙන් සහ ගුවන් තොටුපලවල් වලින් ලංකාව රැගෙන එනු ලබන භාණ්ඩ සදහා වන ප්‍රමිති හානිය අතිමහත්ය.වරාය සහ ගුවන් තොටුපල වල්හි ආනයනය ලබන භාණ්ඩ අත්‍යාවශ්‍ය නොවන ක්‍රියාවකි.ඉන් සිදු වනුයේ භාණ්ඩ වෙත හානි ඇති වීම වංචා සදහා මග පෑදීමකි.දියුණු කිසිදු රටක මෙකී ක්‍රම අනුගමනය නොවේ.දියුණු වන තාක්ෂණය සමග මුහු වන වර්තමානය තුළ ඕනෑම බහාලුමක අභ්‍යන්තරය ඇසට නොපෙනෙන දේ තුල වුවද පරීක්ෂණ කිරීමට යන්ත්‍ර සුත්‍ර නිපදවා ඇත්තේ සුක්ෂම පරීක්ෂාවන් සදහාය.අත්‍යවශ්‍ය එම තාක්ෂණයන් ඉවත් කර අතිරික්ත සේවක ප්‍රමාණයෙන් සේවක වැටුප් වෙන් කිරීම වෙනුවෙන් එම යන්ත්‍ර සුත්‍ර සවිමත් දියුණු තාක්ෂණය උපරිම ප්‍රමාණයෙන් ගෙන අනවශ්‍ය වියදම් හා හානිය මෙන්ම සිදුවන වංචා  වලක්වා ගැනීමට සහ ප්‍රශස්ත සේවාවක් මගීන් වෙතද ලබා දීමට හැකියාව උදාවනවා නිසැකය.

පෞද්ගලික ආරක්ෂක අංශයන්හි සිටිනුයේද ත්‍රිවිධ හමුදා නිලධාරීන් වන බැවින් වරාය සහ ගුවන් තොටුපළවල්හි මගීනුත් ලබා පරීක්ෂා නොකලද එම ස්ථානයෙන් යන්ත්‍ර සුත්‍ර පරීක්ෂාවට ලක්ව ආයතනයන්ගෙන් ආරක්ෂක අංශ හරහාද පරීක්ෂා වීම මත වංචාවක් සිදු නොවේ.

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කාර්යක්ෂම කල යුතුය.බැංකු ක්ෂේත්‍රය යනු සේවා සපයන්නා වූ ආයතනයකි.මහජනයා ඉන් සේවාව ලබා ගැනීමට යාමෙන් කොතරම් කාලයක් වැය  වේද@රටට ශ්‍රමය සපයන ඩොලර් උපයන පෞද්ගලික අංශ සේවකයන් බැංකු සේවා ලබා ගැනීම් සදහා වැය  කරන, ශ්‍රමික පැය ඇති විශාල ප්‍රමාණයක් මෙම අකාර්යක්ෂම සේවා හරහා රටෙහි ආර්ථිකයට නැතිවී යයි.එසේම විදේශීය බැංකු සියළු කටයුතු online හරහා ඉතාමත් පහසුවෙන් ඉටු කර ගැනීම සදහා කටයුතු කර ඇත්තේ පාරිභෝගික පහසුව මෙන්ම  මෙකී ආර්ථික අරමුණු උදෙසාය.

රටක් වෙත විශේෂතම බලපෑමක් එල්ල කරනුයේ එරට අධ්‍යාපනයයි.අධ්‍යාපන අවශ්‍යතා සදහා මුලික අවධානයක් යොමු කල යුතුය.සියළුම පාසැල් වල ප්‍රගතිය මාසිකව සමීක්ෂණ ක්‍රම පිහිටුවාලිය යුතුය.එලෙසම අධ්‍යාපන ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස  පිහිටු වීමට කටයුතු කල යුතුය.මෑත කාලීනම උදාහරණය ලෙස  පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සලකා බලනුයේ නම්  ලංකාවේ අධ්‍යාපන ක්‍රම වේදය අනුව සිසුවෙකුගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසාන වී ශ්‍රමික ප්‍රජාවට එක්  වනුයේ අවු.26/27 වන විටය.එවිට දරුවන්ගේ හොදම කාලයද ගෙවී අවසන් මෙන්ම රටට සේවා නියුක්තික ප්‍රමාණයද අඩු වී, අධ්‍යාපනය වෙනුවෙන් වැය  කරනා කාල සීමාව වැඩි බැවින් විශ්ව විද්‍යාල පාසැල් නඩත්තු පිරිවැය ආදියද  නිකරුණේ දැරීමට සිදුවන වියදම් බවට පත්වී ඇත.

එලෙසම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ සංගීතයට ඉතාම දක්ෂ සිසුවා ගණිතයට ඇති නොහැකියාව මත පාසලෙන් කොන්වේ.විභාග අසමත්ව ඉදිරි අධ්‍යාපන අවශ්‍යතා මග හැරී යයි.නමුත් දියුණු කිසිදු රටක මෙම ප්‍රතිපත්තීන් අනුගමනය නොකරයි.ළමා මනස පාසැල් පද්ධතිය හරහා අභිප්‍රේරණය මිස නොතලා දැමිය නොකළ යුතුය.

උදාහරණයක් ලෙස -ගණිතය අසමත් දරුවන්ටද නැවත උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීම තාක්ෂණික විෂය පද්ධති ඇති කර තිබීම ඉතාමත් අගය කල යුතුය.එලෙස කාර්මික විද්‍යාල යන සංකල්පය ඉතා විශිෂ්ඨ සංකල්පයක් වුවද ඒ පිළිබද සමාජයෙහි පවතින සෘණාත්මක මතය මත එම තාක්ෂණික විද්‍යාල නිසි ප්‍රයෝජනාත්මක තත්වයක පවතීද@මෙම කාර්මික විද්‍යාල අදාළ ප්‍රදේශයන්හි පාසැල් සමග ඒකාබද්ධ කිරීමක් සිදු කළ හැකිය.උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවන් මානසිකව සෘණාත්මකව වැට්ටවීම විනා මෙම තාක්ෂණික විද්‍යාලද පිහිටුවා ඇති සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නේ නම් ශ්‍රම බලකාය වැඩි කිරීමට (දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා සදහා ) අප රටේ තරුණ පරපුර නිවැරදි දිශානතියකට යොමු කිරීමට රුකුලක් වනවා නොඅනුමානය.

දරුවන්ගේ ආකල්ප වර්ධනය කරමින් යම් විෂයකට ඇති දුර්වලතාවය මත දරුවා, “මා නොවටිනා පුද්ගලයෙකුයි”යන මතය ඇති වීමට නොදී “මට ද වටිනාකමක් ඇති දක්ෂ පුද්ගලයෙක්” යැයි,හැගීමට සලස්වන්නේ නම් එම තත්වය ආරක්ෂා කර ගැනීමට දරුවාගේ මනස කුඩා කල සිටම පෙළඹීම හා අනාගතයේ පෙනෙන යහපත් දිශානතියක් ජීවනෝපායකට මගක්ද ඇති බැවින් යහපත් සමාජයක් ද ඇතිවේ.   

ප්‍රමිතියෙන් යුතු කුළු බඩු  විශාල ප්‍රමාණයක් ඇති රට ශ්‍රී ලංකාවය.දේශීය කුළු බඩු නගා සිටුවීමට,දේශීය බව බෝග වගාවට මුල් තැන දීම ග්‍රාමීයව ආරම්භ කල යුතුය.ග්‍රාම සේවා නිලධාරීන් හා කෘෂිකර්මාන්ත මුලික කරගෙන රටෙහි පාෂාණ විභවය සහ එම  සම්පත මුලික  කරගෙන අදාළ ප්‍රදේශයන් වෙත කුළු බඩු වගා සංග්‍රාම ව්‍යාප්ත කර මාසික අපනයන ඉලක්ක ප්‍රමාණ  ග්‍රාමීය වශයෙන් ශ්‍රම නිලධාරීන් වෙත ලබා දිය යුතුය.එවිට එම අදාළ ප්‍රදේශයේ සපුරාලිය යුතු ඉලක්ක නිෂ්පාදනය සපුරාලීමට ග්‍රාමීය වශයෙන් කෘෂි නිලධාරීන් කටයුතු කළ යුතු අතර එම නිෂ්පාදන අපනයන ක්‍රම රජය විසින් සපුරාලිය යුතුය.එම අපනයනය ලාභ මත පිහිටුවා එම වැටුප් ද  ආවරණය  කර ගැනීමට රජයට හැකියාව ඇත.

ශ්‍රී ලංකාව තුල ප්‍රධානතම ගැටළුව වන මෙම ප්‍රවාහන ගැටළු මගහරවා ගැනීම සදහා ඕනෑම කාර්යයක් (රාජ්‍ය අපනයන සේවා )මාර්ග ගත ක්‍රම (online) හරහා ලබා ගැනීමට කටයුතු සැලසුම් කල යුතුය.එලෙසම passport ලබා ගැනීම online හරහා නිවසේ සිට සිදු  කල හැකි ආකාරයට ගෙන ඒමට කටයුතු කිරීම ඉමහත්ව අගය කල යුතුය.එලෙසම EPF & ETF claim කිරීමට යාමේදී පෞද්ගලික අංශ සේවකයින් ලබා ගන්නා නිවාඩු ආධිය සෘජුව ආර්ථිකය ඉපයීමට ශ්‍රම පැය අඩු වීමට බලපානු ලැබේ.මෙලෙස ජනයා රස්තියාදු වීම වලක්වා ගැනීමට එකී මෙකී සියළු සේවා කාර්යයන් තම රාජකාරී ආයතන හරහා හෝ නිවසේ සිට online මාර්ගයෙන් සිදු කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට දිය යුතුය.( online ක්‍රම හරහා )

පාර්ලිමේන්තු නියෝජිතයන් ප්‍රමාණය අවම කිරීමට පියවර ගත යුතුය. “ආඩි හත් දෙනාගේ කැද හැළිය මෙන් වැඩි පිරිසක් සිටීම යම් කාර්යක අසාර්ථකභාවයට හේතු විය හැක.එනිසා රටේ පරිපාලනයට පහසුව තිබීම.රට පළාත් 9 කට බෙදා ඇත.පළාත් 9 ය පාලනය කිරීමට උපරිම පාර්ලිමේන්තු නියෝජිතයින් 4 ක් ප්‍රමාණවත් වේ.එවිට ප්‍රගතිය නිරීක්‍ෂණයද පහසුවනවා සේම සෘජුවම වගකීම් හා කාර්ය භාරය ඉටු කිරීමට තම නායකත්වය නොගන්නේ තමා තනතුරෙන් පහ කිරීමට KPI Mesure කිරීමටද ක්‍රමවේදයක් (මාසිකව )සැකසිය යුතුය.එය monitor කිරීම සදහා පළාත් ගැටෙන එක් පුද්ගලයෙකු බැගින් යෙදවීම ප්‍රමාණවත් වේ යැයි මාගේ මතයයි.

සාගරයෙන් වටවූ දුපතක සිටින  අප මාළු,කරවල,උම්බලකඩ,ටින් මාළු පිටරටින් ආනයනය කරන තුරු බලා සිටී.විදේශීය වෙළදපළටද සැපයිය හැකි වන ලෙස මෙම ධීවර කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය අඩිතාලම දැමිය යුතුය.(කරදියෙන් සහ මිරිදියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ ක්‍රම)රටෙන් 1/3 ක් ජලයෙන් වටවී තිබියදී ඉන් ප්‍රයෝජන නොගන්නේ මන්ද@ටින් මාළු සියල්ල අපනයනය කරනුයේ පිටරටවලින් නමුත් මෙය ආනයනය දක්වා නගා සිටුවීමට අවශ්‍ය සියළුම ස්වාභාවික සම්පත් අප සතුය.එනිසා ඉන් උපරිම ප්‍රයෝජන ගෙන එකී ක්‍රම ඇති කරමින් ඩොලර් ඉපයීමට කටයුතු කළ යුතුම කාලයයි. 

ඩුබායි වැනි රටවල් විදේශීය සංචාරකයන් ගෙන්වා ගනු ලබන්නේ එම ඩුබායිහි ඉදිකර ඇති, විනෝදාස්වාදය ලබා ගැනීමට නිර්මාණය කර ඇති luxury ගොඩනැගිලි ආදිය හරහාය.අපේ රටේ කොතරම් ස්වභාවික සම්පත් තිබේද@අර්ධ ස්වභාවික සම්පත් වන කාශ්‍යප රජ දවස ඉදිකළ සීගිරියද, අද අප රටට ඩොලර් උපයන ස්වභාවික පිහිටීමක් වන සිංහරාජයද,ඇල්ල, විදේශීය සංචාරක ආකර්ෂණයේ ප්‍රමුඛස්ථාන ගන්නා ස්වභාවික සම්පත්ය. අප රටෙහි සීගිරිය වැනි අර්ධ ස්වභාවික වන සංවර්ධනය කළ හැකි ස්ථාන කොතරම් පවතීද@ඒවා හදුනාගෙන නිසි ප්‍රතිපත්ති තුලින් සංවර්ධනය වැඩි දියුණු කිරීමට කටයුතු කරන්නේ නම්  විදේශීය සංක්‍රමණ වැඩි කරලීම තුලින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කළ හැකිය.

දුරාතීතයේ සිට සංචාරක ආකර්ෂණය දිනාගත් අප රටෙහි වර්තමානය වන විට සෘණාත්මක වෙමින් පවතින සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළ යුතුය.

 Uber / Pic Me වැනි ප්‍රවාහන සේවා තුළින් කොතරම් ප්‍රවාහන සේවාවක් සැපිරේද@ශ්‍රී ලංකාව පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වූ මෙම ක්‍රමවේදය නන් දෙසින් සියළුම පුද්ගලයන් ඉතා ඉක්මනින් ප්‍රවාහන සේවා පහසුව සදහා කොතරම් දුරට වැළදගෙන තිබේද යත් Pic Me  පිහිට වූ පළමු අවුරුද්ද තුලම ඉලක්කගත ආදායමට වඩා ඉපයීය.මෙවැනි Uber/Pic Me වැනි ක්‍රම ලෙස CID නිලධාරීන් යොදවන්නේ නම් කොතරම් රහස්‍ය තොරතුරු රැස් කර ගත හැකිද @Uber සේවයන් වෙත සිවිල්ව CID නිලධාරීන් යොදවා ලංකාව පුරා යෙදවීමෙන් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීමටද මනා පිටුවහලක් සැපයේ.

ස්වයං ව්‍යාපාර නගා සිටුවමින් ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට ප්‍රාදේශීය ලේඛම්  කාර්යාල මට්ටමින් කටයුතු කළ යුතුය.ව්‍යාපාරයක් ආරම්භයේදී එම ව්‍යාපාරයට පිවිසීමට නීතිගත කිරීමට යන අවස්ථාවේ පවා කොතරම් බාධක,රස්තියාදු වීම් වලට යොමු වීමට සිදු වේද@මෙමගින් ව්‍යවසායකයින් ඇති වීම විනා ආරම්භ කිරීමට සිත් ඇති වූ ව්‍යාපාර ද එපා වීමක් වේ.මෙහිදී එම ස්වයං ව්‍යාපාරයන් ඇති වීමට ප්‍රාදේශීය ලේඛම් කාර්යාල මට්ටමෙන් වද පිළිවෙල හා අදාළ විෂයන් සම්බන්ධව නිලධාරීන්ට පුහුණුවීම් ලබාදී විෂයකට ප්‍රගුණ නිලධාරීන්ට රාජකාරී පැවරිය යුතුය.  

ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණ හරහා නීතිය සෑමවිටම සෘජුව ක්‍රියාත්මක විය යුතුය.නඩුවක් හෝ ආරවුලක් සමථ කිරීම් ආදී සියල්ල ස්වල්ප නඩු වාර කිහිපයකින් පමණක් අවසන් කිරීමට කටයුතු සැකසිය යුතුය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උපරිමයෙන් ඇති රටකි.එලෙසම මාධ්‍ය නිදහස වෙනුවෙන් උපරිම හඩ  නගන්නා වූ රටකි.නමුත්  උදාහරණයක් ලෙස රූපවාහිනීයෙන් දිනකදී විකාශනය වන එකම පුවතක් ගෙන බැලුවහොත් මාධ්‍ය නාලිකා පහක,පස් ආකාරයට එකම පුවත විකාශනය වේ.සෑම විටම මාධ්‍යන් අපක්ෂපාතී විය යුතුය.හුදු මහජනතාවගේ විනෝදාස්වාදය හා සමාජයට තොරතුරු සැපයීම සමාජ මෙහෙවර කරගත් මාධ්‍ය නාලිකා තුළින් සෑම විටම හුදු ලාභ ප්‍රයෝජන,හුදු අයහපත් පරමාර්ථ නොතකා සෑම විටම මහජනයා වෙත සමාජය වෙත වැදගත් දේ මෙන්ම නිරවද්‍ය හා විශ්වාසනීයත්වයෙන් උපරිමයෙන් යුතු  තොරතුරු පමණක්ම ලබා දීමට කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ පවතින නොමිලේ ffවදH පහසුකම් සැපයීමේ සංකල්ප ඉතාමත් අගය කළ යුතු වුවද ඇති විය යුත්තේ නොමිලේ බෙහෙත් ගැනීමට බදු ගෙවන මහජනතාව දුෂ්කර හා කටුක ලෙස රජයේ රෝහල්හි දිගු  පෝලිම් ඇති කිරීම නොව ආසන්නතම පෞද්ගලික රෝහලෙන් හෝ අවශ්‍ය ffවදH පහසුකම් ලබා ගැනීමට හැකි ලෙස මිනිසුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට පියවර ගත යුතුය.රජයේ රෝහල්හි නොමිලේ මහජනයා වෙත ffවදH සේවා ලබා දීමට පිහිටුවා ffවදHවරුන්ට වැටුප් ,හෙදනිලධාරීන් හා  නඩත්තු අංශ සේවකයන් සදහා රාජ්‍ය බදු මුදල් වලින් වැටුප් ගෙවා පවත්වා ගියද පෞද්ගලික රෝහලකට යන රෝගියෙකුට ලැබෙන පහසුකම්,සුහද පිළිගැනීම් රාජ්‍ය රෝහල්හි ඇතැම් නිලධාරීන් වෙතින් ඇතැම් නිලධාරීන් වෙතින් ලැබේද@අසරණව උපයන මුදලින් බදු ගෙවනා පීඩිතම මිනිසා ඉපයුමෙන් බදුත් ගෙවා ඉතිරිවන සොච්චමෙන් ජීවිතය ගැට ගසා ගන්නා සටනේ පෞද්ගලික රෝහලක් වෙත ගොස්  ffවදHධාර සදහා වෙන් කිරීමට මුදලක් නොමැති බැවින් ගෙවූ බදු මුදලින් මහජනයාට නොමිලේ ලබා දෙන සෞඛ්‍ය පහසුකම ලබා ගැනීමට ගොස් පීඩිත ජනයා තවතවත් පීඩාවට පත්වන අවස්ථා එමටය.ශල්‍යකර්ම ලැයිස්තුවෙහි පෝලිම් මධ්‍යයේදී නියමිත දිනය එළඹීමට පෙර රෝගියා මෙලොව හැර යන අවස්ථා කොතරම් සමාජයේ පවතීද @සංවර්ධනය වන රටවල්හි මුලික අවධානය යොමු විය යුතු මූලිකාංගයකි සෞඛ්‍ය ක්ෂේත්‍රය.රජයේ රෝහල් හා ffවදHවරුන්ට,හෙද නිලධාරීන්ට මාසික KPI ඇගයීමේ ක්‍රම පිහිටුවිය යුතුමය. සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සදහා කඩිනමින් යොමුවිය යුතුය.

ශ්‍රී ලංකාව තුල භාණ්ඩ ප්‍රවාහන සේවා සදහා කොතරම් රථවාහන ප්‍රමාණයක් දිනකට මහා මාර්ගයන්හි ධාවනය වන්නේද@දිනකට උඩරට සිට පහතරටත්,පහතරට සිට උඩරටටත් අවම වශයෙන් දෙවරක් හෝ තෙවරක් දුම්රිය ධාවනය සිදුවේ.නිසි  ප්‍රමිතියෙන්, ගුණාත්මකව හා ප්‍රමිතියට හානි නොවන පරිදි භාණ්ඩ ප්‍රවාහනය (එළවළු සහ පළතුරු ආදිය )සදහා සුදුසු වන මැදිරි සකසන්නේ නම් එම මගී දුම්රිය ප්‍රවාහ අතරම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි වේ.මෙතුළින් මෙම එළවළු සහ පළතුරු ප්‍රවාහනය සදහා ffදයිනිකව ඔබ මොබ යන රථ ප්‍රමාණය අඩු වනවා සේම ඉන් පොසිල ඉන්ධන දහනය,වක්‍රාකාරයෙන් ඉන් පියවා ගත නොහැකි වන පරිසර වායු ගෝල දුෂණය මෙන්ම වියදම අඩු වීම මත ගොවියාගේ ලාභය ඉහළ ගොස් වියදම අඩු වීම නිසා එළවළු පළතුරු මිළ පහළ යාමෙන් පාරිභෝගිකයන්ට අත්වන වාසිය ආදී වාසි රැසකට හිමිකම් උදා වේ.

 එලෙසම දිනකට රාජ්‍ය ආයතනයන්හි ලිපිද්‍රව්‍ය භාණ්ඩ ආදිය මෙන්ම පුද්ගල ප්‍රවාහනය සදහා කොතරම් වාහන ප්‍රමාණයක් යොදවා තිබේද@ පොසිල ඉන්ධන සහ රටෙහි ඩොලර් ප්‍රමාණය ඉතා සීමිත වී ඇති මෙම වකවානුවක පවා එක් ප්‍රදේශයක රාජ්‍ය ආයතනයන්හි සිට තවත් ප්‍රදේශයකට භාණ්ඩ මෙන්ම පුද්ගල ප්‍රමාණය සදහා දිනකට ධාවනය වන වාහන ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව තිබියදී ඒ පිළිබද අවධානය යොමු නොවන්නේ මන්ද@

උදාහරණ ලෙස හෝමාගම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය,පොලීසිය,රෝහල,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී නොයෙකුත් රාජ්‍ය අංශ කාර්යාල අතර නිසි සන්නිවේදන ක්‍රමවේද පිහිටුවා එක් ප්‍රදේශයක සිට එක් එක් කාර්යාලයෙහි අවශ්‍යතාවය වෙනුවෙන් වෙන වෙනම රථවාහන යෙදවීම විනා එක් වාහනයකින් අදාළ කාර්ය ඉටුකර ගැනීමට ප්‍රමිතිගත system  සකස් කළ හැකිය.

එලෙසම ලංකා ගමනාගමන මණ්ඩලය (CTB )බස් රථ සේවය පිළිබද අවධානය යොමු කිරීමේදී ලං.ග.ම.සැමදා පාඩු ලබනා  යැයි පවසමින් සිටී.පෞද්ගලික අංශය දිනකට කොතරම් සේවක ප්‍රවාහන සේවා සදහා මුදල් යොදවන්නේද @ ලං.ග.ම බස් රථ මේ සදහා ආයතන සමග ගිවිසුම් ඇති කොට ගෙන එම අවශ්‍ය වේලාවන්හිදී සේවයට යොදවා ඉන් අනතුරු අවස්ථා වල සුපුරුදු ලෙස තම අධාල ධාවන මාර්ගවල දෛනිකව ධාවනයට යෙදවීමෙන් ලං.ග.ම පාඩු මිස ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හැකි වනවා නිසැකය.එලෙසම රාජ්‍ය අංශ සේවකයන්ද මුදල් ගෙවා ප්‍රවාහන සේවා රථවල පැමිණේ.එසේම රාජ්‍ය සේවකයන් කාර්යාල වෙලා තුළ පොදු ප්‍රවාහන සේවා පහසුකම් ලබා ගැනීමෙන් කොතරම් අසීරුතාවලට මුහුණ දෙන්නේදැයි මහා මාර්ගවලම අපට දැකගත හැක.ප්‍රදේශයන් සිට කාර්යාල සේවා ප්‍රවාහන රථද  ලං.ග.ම විසින් විවිධ කාර්යාල වෙත රාජ්‍ය අංශ සේවකයන්ගෙන් මාසික මුදලක් වැය කොට (Ex –School Van සේවා සපයනවා මෙන්)යෙදවිය හැක.මෙමගින් ලං.ග.ම පොදු ප්‍රවාහන සේවාවන්ගේ ඉහළ ගුණාත්මයෙන් යුතු සේවාවක් ලබා ගැනීමට හැකිවනවා සේම රාජ්‍ය අංශ සේවා සදහා යාමට ප්‍රවාහන සේවා අපහසුතාවයන්ට පත්වන සම වෙතටද යහපත් හා තෘප්තිමත් විසදුමක් ලබා දීමට හැකිවනවා ඇත.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන දඩ ගෙවීමේ ක්‍රියාත්මක වන ක්‍රමය ඉතා අසීරු හා වංචා දුෂණ සහිත ක්‍රියාවකි.දුර ප්‍රදේශයකදී දඩයක් නියම වන පුද්ගලයෙකුට එම දඩය පියවා තම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට එම ප්‍රදේශයටම යාමට සිදුවේ.මෙමගින් සුළු වරදකට දඩ නියම වුවද ඉන් මානසික අවපීඩනයට පත්වන රියදුරාට, මග පැමිණෙන ඉදිරි දුරදී එම වරදට වඩා බරපතල රිය අනතුරකින් ජීවිත හානි පවා  සිදුවිය හැකිය.තවද ලංකාවේ පවතින තැපැල් කාර්යාල ප්‍රමාණය,

  • තැපැල් කාර්යාල                                 -  663
  • ග්‍රාමීය උප තැපැල් කාර්යාල                  -  123

    ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල වල එකතුව-  4195

බැවින් දඩ ගෙවීමට තැපැල් කාර්යාල ප්‍රමාණවත් නොවීම හා ඒවායෙහි පවතින අකාර්යක්ෂම සේවය,වැඩ කරන පැය ගණන අනෙකුත් ආයතන ද වද කරන වේලාවන් වීම එක් දඩ ලාභියෙකුට me සදහා (දඩ ගෙවීම) ගත වන පැය ගණන පැය 5ක් ලෙස ගෙන දිනකට දඩ ගෙවීමට ලංකාව තුළ රාජකාරී මිනිසුන් 2000 කට සිදුවුනේ යැයි උපකල්පනය කලේ නම් ,අහිමි වන මිනිස් ශ්‍රම පැය ගණන

                                      2000x 5 =පැය 10000 කි.

දිනකට දඩ ගෙවීමට පමණක් මිනිස් ශ්‍රමික පැය 10000 කින් සිදුවන පාඩුව ආර්ථික අර්බුධයකට බල නොපෑවේද @එනිසා, මෙම දඩ ගෙවීම් ක්‍රියාදාමය සදහා මාර්ගගත ක්‍රමයක් (online) ක්‍රමයක් සැකසිය යුතු වේ’ යැයි මා හැගේ.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයූ වර්තමාන ප්‍රධානතම ක්‍රමය වනුයේ ඇගළුම් කර්මාන්තයයි.නමුත් මේ වන විට ලංකාව තුල සීඝ්‍රයෙන් ඇගළුම් කර්මාන්තශාලා වැසී යනුයේ එම සේවකයන් මෙන්ම එම ආයතන වෙත විවිධ අයුරින් සැපයුම්කරුවන් ලෙස කටයුතු කරමින් ජීවනාලිය ගෙන ගිය සහ ඒ මත යැපුණු සියළුම දහස් සංඛ්‍යාත පවුල් මහමගට ඇද දමමිනි.ඉන් සිදු වනුයේ තව තවත්  රට තුළ සේවා වියුක්තිකයන් ප්‍රමාණය වැඩි වීමයි .තවද වැසීමට ආසන්නයේ පණ නල ගැහෙමින් ඉදිරියක් නොපෙනෙමින් කොතරම් ඇගළුම් ආයතන ප්‍රමාණයක් තිබේද @තම රටේ ආර්ථිකයෙහි ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ණය ගනිමින් තව තවත් ණය වීම විනා මෙකී ආයතන රැක ගැනීමට කටයුතු කරමින් විදේශ විනිමය තව තවත් ඉපයීමට රට තුළ ව්‍යාපාර වැසීම විනා තව තවත් ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් රට තුළ පවත්නා සියළුම පුද්ගලික අංශ රජයට බදු ගෙවීමට රජයෙන් ව්‍යාපාර වෙත පණවා ඇති නීති වශයෙන් බැදී සිටින්නා සේම රජය වගකීමක් ලෙස සලකා ඇගළුම් අපනයන වැසී යාමට නොදී විවිධ රටවල්හි පවතින තානාධිපති කාර්යාල හරහා ගැණුම්කරුවන් හදුනාගෙන එම ආයතනවලින් ගැණුම් ලබා ගෙන ලංකාවෙහි ඇගළුම් ආයතන වෙත ලබා දෙමින් ඇගළුම් කර්මාන්තය රැක ගැනීමට කටයුතු සිදු කල යුතුම කාලයකි.මෙලෙස තම රටට ඇගළුම් ගැණුම්කරුවන් ආකර්ෂණයට රජය තවදුරටත් මැදිහත් නොවුණහොත් ඇගළුම් කර්මාන්තය අභාවයට යනවා නොඅනුමානය.

             “සෑම දිනකම නේක කදු සිප උදාවන හිරුත් හිමි ,

               එකී කදු වැළද පායනා සදුත් හිමි,

               නේක සෘතුන් අතර සමබරව ඇවිද යන්නට  

               ජීවිතයක් ,වරම්  නොයදීද මේ බිමෙහි  උපදින්නට ..

  ‘Leen kuan yew’ 1956 දී ශ්‍රී ලංකා ප්‍රථම සංචාරයේදී සදහන් කළ වදනක් නිරතුරුව අප දෙසවනේ රැව් දේ.එදා එතුමන් සදහන් කළේ “ඔහුගේ රට සිංගප්පුරුව ද ශ්‍රී ලංකාව මෙන් දියුණු රටක් කිරීමට හැකි නම් යැයි”යන්නයි.එදා වගුරු බිමක්ව පැවති  ශ්‍රී ලංකාව මෙන් වීම එදවස එම රටට ඉලක්කයක් විය.නමුත් එදා මහ වගුරුබිමක්ව තිබු සිංගප්පුරුවෙහි අද තත්වය දෙස බලන් විට එක් දවසක් හෝ සුන්දර වත්මන් සිංගප්පුරුව දැකීම ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනයක් වී හමාරය.

මෙකී ගැටළු සදහා විසදුම් සොයනුයේ නම් නැවතත් ලොව සැමගේ “සිහින පාරාදීසය අප රට ශ්‍රී ලංකාදීපය”කිරීමට හැකි වනවා නොඅනුමානය.

ඉතිහාසයෙහි පටන් ප්‍රෞඩත්වයෙන් අගතැන්පත් ලක්වාසී  අප විවිධ ආක්‍රමණයන්ගෙන් එදවස අප රට රැක ගන්න ජීවිත පරදුවට තබා රණ බිමෙහි දස්කම් පාමින් අප රට රැකගත්තේ ලෝකය තුළම ඉහළ වංශික වීර ඉතිහාසයකට හිමිකම් කියමිනි.වත්මන වන විට ඇති වී තිබෙන අර්බුධයන්ට කඩිනමින් විසදුම් සොයමින් සිංහ දුපත, සිංහ සෙයිලාවෙන්ම,නැගිටුවාලීමට එක්විය යුතුම කාලය මෙයයි.යලිත් එක්වී නැගිටවන්නට දරනා වෑයමට, මාහැගි පරිදි මගෙන් අදහස් බිදකි මෙය. .