Saturday, May 11, 2024

General line - 0115112241

හිටපු හමුදා සෙබලෙකු අත්බෝම්බයක් පුපුරවා ගෙන සිය දිවි නසාගනී  




මැනික්හින්න පොලිස් වසමට අයත් ගල්කඩුව ප්‍රදේශයේදී  පුද්ගලයෙකු අත්බෝම්බයක් පුපුරවා ගෙන සිය දිවි නසා ගෙන තිබෙනවා.

මැනික්හින්න දෙල්ගස්ලන්ද ප්‍රදේශයේ  සිටි ශ්‍රි ලංකා යුධ හමුදා සේවයෙන් ඉවත්වු වයස අව්රුදු තිස් හයක තරුණයෙකු බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ.

මෙම හමුදා සෙබළා ප්‍රේම සම්බන්ධයක් මුල් කර ගෙන හිත් වේදනාවට පත්ව තම පෙම්වතිය සොයා ගෙන ගොස් එහිදි ඇතිවු කිසියම් සිද්ධියක් මුල්කර ගෙන සිය සිරුරේ සගවා ගෙන තිබුන මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් බැටරියක අධාරයෙන්  රාත්‍රි හතට පමණ පුපුරුවා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි මැනික්හින්න පොලිසිය පවසන්නේ.

මුල් විවාහය අසාර්ථක වි දෙවනි විවාහයක් සිදු කර ගැනිමට ප්‍රදේශයේම තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන සිටිය දි ඇතිවු කිසියම් සිද්ධියක් නිසා හිත් වේදනාවට පත්ව ඔහු විසින්ම නිපදවන ලද අත් බෝම්බයක්  බැටරියක ආධාරයෙන් පුපුරුවා ගෙන සිය දිවි නසා ගන්නට ඇතැයි සැකකරන බව මැනික්හින්න පොලිසිය කල පොලිස් පරික්ෂණ වලින් අනාවරනය වී තිබෙන්නේ.

මෙම අත් බෝම්බය පුපුරා යාමෙන් ප්‍රදේශයේ නිවාස දෙකක  තහඩු ගැලවි ගොස් තිබෙන අතර මේ පිළිබඳව මැනික්හින්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.