Saturday, May 11, 2024

General line - 0115112241

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පැවති ගැටළුවට විසදුම්




නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණයෙන් පසු විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පැවති ගැටළුවට මේ වන විට විසදුම් ලබාදෙමින් පවතිනවා.

එහි ප්‍රධාන කටයුත්තක් ලෙස විදෙස් ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩපිළිවෙල ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණා.

අපහසුවකින් තොරව දැන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත හැකිද ?

මේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිවසටම ගෙන්වාගත හැකි ක්‍රමවේදය කුමක්ද ?

 

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි දහසකුත් පිරිසක් විවිධ තැරැව්කරුවන්ගේ බලපෑමට ලක්ව සිටි ආකාරය නෙත් හරහා ඉකුත්දා

 

අනාවරණය කෙරුණා. දැන් එම ගැටළුවට විසදුම් ලැබී ඇත්ද ?

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ මුල් අදියරේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීම යම්කිසි සීමාවකට යටත්ව සිදුවනු ඇත‘ි බවයි.