Sunday, May 12, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්ඳනා ධාතු නමස්කාරයෙන් බණ්ඩාරවෙල සාධු නඳින් පිබිදෙයි




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්ඳනා මහා ධාතු නමස්කාරය සඳහා සහභාගි වීමේ අරමුණින් සැදැහැවතුන් විශාල පිරිසක් අදත් බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණ තිබෙනවා.

නෙත් ශ්‍රාවක ඔබගේම දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රාජමහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩසිටින උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ, කේශධාතුන් වහන්සේ සහ 20 නමක් වූ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට සැදැහැවතුන්ට එහිදී භාග්‍යය උදාවනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්ඳනා මහා ධාතු නමස්කාරය සිදුකෙරෙන බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය කේනද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් පෙරහැර මංගල්‍යය ද අද පැවැත්වෙනවා.

ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා විහාරස්ථානය වෙත පැමිණි සැ`දැහැවතුන් නෙත් නිවුස් සමඟ මෙලෙස අදහස් පළ කළා.


නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර අනුග්‍රාහකත්වය ලබාදෙනවා.