Sunday, May 12, 2024

General line - 0115112241

රටේ රැකියා දැඩි අවධානමක




මේ වසරේ ගතවූ පළමු මාස 03 තුළ රටේ කර්මාන්ත අංශයේ කඩාවැටීමේ බලපෑම හේතුවෙන් මෙරට රැකියාවලට බලපෑම් එල්ලකරනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ රැකියාවලින් ඉපැයීම්වලට ද මෙම තත්ත්වය බලපානු ඇති බවයි.

කර්මාන්ත අංශයේ බිඳ වැටීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවූ බිඳ වැටීම දෙස වැඩි අවධානයක් යොමුකළ යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තා දත්ත සැලකීමේදී මෙම බිඳ වැටීම අවධානම් සහගත තත්ත්වයක් බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.

 

ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේදී කර්මාන්ත අංශයේ පසුබෑම සියයට 23 යි දශම 4 ක්.

සමස්ථයක් ලෙස ගත් කළ මේ වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පසුබෑම සියයට 11 යි දශම 5 ක්.