Tuesday, May 7, 2024

General line - 0115112241

දිනෙන් දින වර්ධනය වන දූෂණ වංචාවලින් වන හානිය




වයස අවුරුදු 62 නොඉක්මවූ අදාළ ක්ෂේත්‍ර සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින් පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පත් කිරීම සුදුසුයැයි දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇති තවත් යෝජනා කිහිපයක් පිළිබඳව ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙලෙස පැහැදිලි කළා.

 

මේ, විවාදයට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

 

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර මෙවන් සංවායක් ඇති වුණා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ද විවාදයට එක් වුණා.