Tuesday, May 7, 2024

General line - 0115112241

කුරුන්දි විහාරය ගැන විදුර දැඩි තීරණයක




මුලතිව් කුරුන්දි විහාරය හා ත්‍රිකුණාමලය තිරියාය විහාරය සම්බන්ධයෙන් කුමන පාර්ෂව කුමන මතවාද දැරුවද අවසන් තීරණය ගන්නේ සිය අමාත්‍යංශය විසින් බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. අමාත්‍යවරයා අවධාරණය කළේ කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද එය වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
 

මුලතිව් කුරුන්දි විහාරය හා ත්‍රිකුණාමලය තිරියාය විහාරය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවූයේ පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් එම විහාර සඳහා අක්කර 5,000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීමත් සමඟයි. එහිදී මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 2,000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3,000 ක භූමි ප්‍රදේශයක්ද ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ. ජනාධිපතිවරයාද ප්‍රකාශ කර තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම්වලින් මෙලෙස විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමේ පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙසයි. 


සැබැවින්ම මුලතිව් කුරුන්දි විහාරය හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට මෙතරම් ඉඩම් අවශ්‍යද ?

රටේ මුල්‍ය අර්බුදයක් ඇති පසුබිමක පුරාවිද්‍යා කැණීම් සිදුකිරීමට ප්‍රතිපාදන තිබේද ?

අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට පත්කළ බලකාය ද මෑත දිනකදී විසුරුවාහැර ඇති බවයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.