Monday, May 6, 2024

General line - 0115112241

බිත්තර - කුකුළු මස් මිල අඩුවෙන්න තවත් මාස 03 ක් යයි




බිත්තර සහ කුකුළු මස්වල මිල ගණන් පහත හෙළීමට තවත් මාස තුනක් පමණ ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.          

ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීම නොව විදේශ වෙළදපොලට සපයන ව්‍යාපෘතියක් බවට සත්ව පාලන ව්‍යාපෘතිය පත් කිරීම සිය අරමුණ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ. 

බිත්තර මිල මේ වන විට ද රුපියල් 50 සීමාව ඉක්මවා පවතින අතර කුකුල් මස් කිලෝ එකක මිලද රුපියල් 1,600 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.