Monday, May 6, 2024

General line - 0115112241

ගිනි අවි නිසා තවත් මරණ දෙකක්




අඹන්පොළ, ආගරේ ප්‍රදේශයේදී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් වයස අවුරුදු 16 ක ළමයෙකු මියගොස් තිබෙනවා.

මෙම ළමයා ඔහුගේ පියා සහ මව සමඟ පොල් වගාකර ඇති ඉඩමක ඉදිකර තිබූ පැළ වෙත ගොස් ඇති අතර එහිදී අදාළ අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර පලෛ කොවිල්වයල් ප්‍රදේශයේදී කැළෑබද ප්‍රදේශයක බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
මේ අතර වලස්මුල්ල, යහල්මුල්ල ප්‍රදේශයේදී අසනීප නිවාඩු මත සිටි පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කුඩා දරුවා ඇතුලු සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. තුවාල ලැබූවන් අතර 41 හැවිරිදි මවක් සහ ඇයගේ වයස අවුරුදු 06 ක දියණිය ද වනවා. ප්‍රදේශයෙන් පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.