Friday, May 17, 2024

General line - 0115112241

පුටින්ගේ කුළී හමුදාවෙන් රුසියාවට එරෙහිව කැරැල්ලක්




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ කුලී හමුදා කණ්ඩායම වන වැග්නර් සන්නද්ධ කණ්ඩායම රුසියාවට එරෙහිව කුමන්ත්‍රණක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. වැග්නර් ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් පවසන්නේ සිය හමුදාව දේශසීමාව හරහා මේවනවිටත් රුසියාවේ රොස්ටොව් කලාපය වෙත ඇතුළු වී ඇති බවයි. එහි පිහිටි රුසියානු හමුදාවට අයත් හමුදා මූලස්ථානයක් ද වැග්නර් හමුදාව විසින් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. රුසියානු හමුදාවේ හෙලිකොප්ටර් යානා 03 කටද වැග්නර් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාර හමුවේ එම හෙලිකොප්ටර් යානා කඩා වැටී සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ බව රුසියානු හමුදාව ද තහවුරු කර තිබෙනවා. මේ අතර , නිල නොවන වාර්තා පවසන්නේ පවතින තත්ත්වය හමුවේ රුසියාවේ මොස්කව් අගනුවර ලොක්ඩවුන් කර ඇති බවයි. සිය රට පාවාදීමකට ලක්ව ඇති බවත් සිය රට ආරක්ෂා කර ගැනීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.