Saturday, May 11, 2024

General line - 0115112241

මත්කරල් හාර ලක්ෂයක් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නොරොච්චෝලේදී අත්අඩංගුවට




මත්කරල් හාර ලක්ෂ 23,000ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු නොරොච්චෝලේ, කරඹ පොලිස් හා නාවික හමුදා ඒකාබන්ධ මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොරොච්චෝලය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එම මාර්ග බාධකයේදී පරීක්ෂා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී වෑන් රථය තුළ තිබී මත්කරල් තොගය සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ අතර තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සන්තකව සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී විදේශීය දුම්වැටි 800ක් සොයා ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 32 හැවිරිදි චින ජාතිකයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.