Saturday, May 11, 2024

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලට හානියක් නැහැ - කම්කරු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්




දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ ද ඇතැමුන් පවසන පරිදි එමගින් සේවක අර්ථසාධක අරමුදලට කිසිඳු ගැටළුවක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ දැනට පවතින තත්ත්වයන් අනුව සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂිතව පවතින බවයි.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවද කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මෙහිදී කියාසිටියා.