Wednesday, May 22, 2024

General line - 0115112241

විදෙස් රටවලට රැගෙන ගිය මෙරට කෞතුක භාණ්ඩ ඇමති විදුර යළි ඉල්ලයි




මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි ලබා දෙන ලෙසට නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලීම් කළ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා.

විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ඉල්ලීම් අනුව ජර්මනියට රැගෙන ගොස් තිබූ කෞතුක භාණ්ඩ කිහිපයක් මේවනවිටත් මෙරටට භාර දී ඇති බවයි. 

නෙදර්ලන්තයේ තිබෙන මෙරට කෞතුක භාණ්ඩ මෙම වසර තුළදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.