Wednesday, May 22, 2024

General line - 0115112241

රුසියාවෙන් යුක්‍රේනයට යළිත් ප්‍රහාර




යුක්‍රේනයේ ක්‍රමර්ටෝස්හි ජනාකීර්ණ ප්‍රදේශයකට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිසයිල ප්‍රහාරයෙන් කඩා වැටී ඇති ගොඩනැගිලිවල සුන්බුන් අතරේ මිනිසුන් සිරවී ඇති බවට සැකකෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මියගිය පිරිස අතර 17 හැවිරිදි දැරියක්ද වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. ප්‍රහාරයට ලක්වූ ස්ථානය තට්ටු නිවාස පිහිටා ඇති ප්‍රදේශයක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.