Tuesday, May 21, 2024

General line - 0115112241

රුවන්වැලි සැයේ සිට වවුනියාව සපුමල්ගස්කඩ රාජමහා විහාරය දක්වා පාගමන ඇරඹේ




වවුනියාව සපුමල්ගස්කඩ රාජමහා විහාරයේ චෛත්‍ය රාජයානන් වහන්සේගේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු ධාතූන් වහන්සේ රුවන්වැලි මහා සෑරදුන් අභියස සිට පාගමනින් වැඩම කරවීම අද ආරම්භ වනවා.

පනස්නමකට අධික භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් එම ධාතූන් වහන්සේ රඹෑව දක්වා අද දින වැඩම කරවීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, මුලතිව් කුරුන්දි විහාරයේ සහ සපුමල්ගස්කඩ රාජමහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ.

දහසකට අධික සර්වඥ ධාතූන් වහන්සේ එකවර වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාවක් සැදැහැවතුන්ට එළඹෙන ජූලි 2වනදා දවස පුරා උදා වනවා.

ඒ, වවුනියාව බෝගස්වැව සපුමල්ගස්කඩ රාජමහා විහාරස්ථානයේදීයි.

එමෙන්ම, ඊට පසු දින අධි ඇසළ පුර පසළොස්වක පෝදා පස්වරු 2සිට පුරා පැය 5ක් පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ පවත්වන ධර්ම දේශනාව එම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

නෙත් එෆ් එම් ශ්වේත පූජා පෝදා වැඩසටහන එදින දවස පුරා සිදු කෙරෙන්නේද එම රාජමහා විහාරස්ථානයේදීයි.

එමෙන්ම, එම විහාරස්ථානයට වැඩම කෙරෙන ධාතූන් වහන්සේ චෛත්‍ය රාජයානන් වහන්සේ තුළ තැන්පත් කිරීම අධි ඇසල පුරපසලොස්වක පොහොය දින යෙදෙන ජූලි 3 වනදා සිදු කිරීමට නියමිතයි.