Tuesday, May 21, 2024

General line - 0115112241

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා




කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ පීලි පැනීමට ලක්වූ දුම්රිය පීළිගත කිරීමේ කටයුතු අද අලුයම 4 යි 30 වන විට අවසන් කළ බවයි.

එහෙත් අදාළ ස්ථානයේ දුම්රිය මාර්ගයේ කැඩී ගිය කොටස සකස් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.