Tuesday, May 21, 2024

General line - 0115112241

කිලිනොච්චියේ වෙඩි තැබීමක්




කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා ඇති බවයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තුවාලකරු සහ තවත් දෙදෙනකු මෝටර් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා. කණකපුරම් ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.