Tuesday, May 21, 2024

General line - 0115112241

වාකරේ ප්‍රදේශයේ ළමයෙක් වෙඩි වැදී මරුට




වාකරේ පොලිස් වසමේ, කට්ටමුරි කැළෑ ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි 14 හැවිරිදි ළමයෙකු මියගොස් තිබෙනවා.

සිය සහෝදරයා සහ ඥාතීන් දෙදෙනකු සමඟ සතුන් දඩයමේ ගොස් සිටියදී ඔවුන් රැගෙන ගිය බෙහෙත් කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් එම 14 හැවිරිදි ළමයා තුවාල ලබා ඇති බවයි පොලිස් විමර්ශණවලදී අනාවරණවී ඇත්තේ.

එලෙස දඩයමේ ගිය එම ළමයාගේ වැඩිමහල් සහෝදරයා සහ  සහෝදරියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් රැගෙන ගිය ගිනිඅවිය මෙතෙක් සොයාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.