Wednesday, May 22, 2024

General line - 0115112241

විශේෂ කැබිනට් රැස්වීම සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරුවේ




විශේෂ කැබිනට් රැස්වීමක් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

කැබිනට් මණ්ඩල රැස්වීම අද පස්වරු 03 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන් අනතුරුව පස්වරු 05 ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැපිළිවෙල සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.