Wednesday, May 22, 2024

General line - 0115112241

අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙකුට අත්හිටවූ සිරදඬුවමක්




හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය එම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කල සැකකරුවෙකුට මාස තුනක බරපතල වැඩ සහිත අත්හිටවූ සිර දඬුවමක් අද නියම කෙරුණා.

සැකකරුට මාස 03 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවිමටයි හැටන් මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් එහිදී නියෝග කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේදී එම නියෝගය නිකුත් කෙරුණා.

සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් අතර ඔහුට රුපියල් තුන්දහස් පන්සියක දඩ මුදලක් ද ගෙවන ලෙයසි එහිදී නියෝග කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබුවේ නොර්වුඩ් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.